Colombo Today Local NewsHot News

රේගුවේ කෝටි 100ක දැව තොගයක් හොර පාරෙන් පන්නන්න යයි.. ප්‍රබල ඇමති පිටුපසින් !

නැගෙනහිර අප්‍රිකානු රටක සිට ශ්‍රී ලංකාව හරහා ප්‍රවාහනය කරමින් සිටියදී 2014 වසරේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද, රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුතු මෙට්‍රික් ටොන් 415ක ‘රෝස් වූඩ්‘ දැව තොගයක්, වෙන්දේසි කිරීමේ ක්‍රියාපටිපාටියේදී මහා පරිමාණ දූෂණයට අර අදිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මෙම දැව තොගය පසුගිය මාසයේදී වෙන්දේසියට තබා තිබුණ නමුත් රේගුව අපේක්ෂා කළ මිළ ගණන් නොලැබීම නිසා, යළිත් වරක් ඉකුත් 28 වනදා වෙන්දේසියට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් සිටින විට රේගුවේ ඉහළ නිලධාරියෙකුගේ බලපෑමෙන් එම වෙන්දේසිය අත්හිටුවා ඇත.

වෙන්දේසියට සිදුසුකම් ලැබීම සඳහා නැවත නොගෙවන රුපියල් මිලියන 10 තැන්පතුවක් සහ නැවත ගෙනව රුපියල් මිලියන 12 තැන්පතුවක් තැබිය යුතුය යන කොන්දේසියක් ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුල් කිරීම සදහා රේගුව විසින් මහා භාණ්ඩාගාරයෙන් කරන ලද ඉල්ලීමට අනුමැතිය ලැබෙන තුරු මෙලෙස වෙන්දේසිය අත්හිටුවා ඇත.

මෙලෙස අති විශාල මුදලක් රේගුව විසින් නියම කිරීම නිසා, මිළදී ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශව ලංසු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින අතර, එම තත්ත්වය යටතේ රජයේ ප්‍රබලම අමාත්‍යවරයෙකුගේ මෙහෙයවීමෙන් යුතු සමාගමක් විසින් මෙම වෙන්දේසියට අයදුම් කර ඉතා අඩු මුදලකට මෙම දැව තොගය මිලදී ගැනීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වේ.

සිදුකිරීමට යන මෙම මහාපරිමාණ දූෂණය ගැන සමස්ථ ලංකා රේගු සේවා සංගමය ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර, රටේ ඕනෑම පුද්ගලයෙකුට මෙම දැව තොගය සඳහා මිල ගණන් ඉදිරිපත් කිරිමට ඇති අයිතිය ආරක්ෂා කර දෙන ලෙසත්, ඒ මගින් මහ භාණ්ඩාගාරයට බැරවිය යුතු අති විශාල මුදලක් ජාවාරම්කරුවන් අතට පත්වීම වැළැක්වීම සඳහාත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

Related posts

“ගොවි බිම් හෙක්ටයාර් ලක්ෂයක් වි වගාවෙන් ඉවත්කරනවා” – කෘෂිකර්ම ඇමති

colombotoday

“මාත් පත්තරකාරයෙක්.. රැහේ උන්ට මම සළකනවා“ – ජනපති

colombotoday

රුපියල් ලක්ෂ 21ක් වංචා කල ගණකාධිකාරිවරයකුට වසර 367ක සිරදඩුවමක්

colombotoday

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් ‘‘කඩතුරාව‘‘ නිර්මාණ ග්‍රන්ථය අගමැතිට

colombotoday

කොළඹ මහ නගරසභා වෙබ් අඩවියෙන් සිංහල භාෂාව ඉවත් කරයි

colombotoday