Colombo Today Local News

ඇමති ජොන්ස්ටන් අල්ලස් කොමිසමේ නඩු තුනකින් නිදොස් කොට නිදහස්

සතොස සේවකයින් දේශපාලනය සඳහා යොදවා ගත් බව පවසමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඒ මහතා නිදහස් කර තිබේ.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනුකර තිබුණි.

එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

Related posts

රජයේ නිලධාරිනියන්ට සාරිය අනිවාර්යයි

colombotoday

මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක තතු STF අනාවරණය කර ගනියි : කේරළ ගංජා සහ කහ තොගයක් අත්අඩංගුවේ

colombotoday

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි දිවයිනට

colombotoday

වී තොගයක් තුට්ටු දෙකට හිතවතුන්ට දීලා.. කෝටි 400ක් රජයට පාඩුයි – පී හැරිසන්ට එරෙහිව FCIDයට පැමිණිල්ලක්

colombotoday

ලොරියක් වටවල දී ප්‍රපාතයකට පෙරළෙයි

Admin

බලහත්කාරය නවතා ගැටළුව විසදන්නැයි වෘත්තිය සමිති කියයි

colombotoday