Colombo Today Local News

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි – සිරිපා සමය ඇරඹේ

උඳුවප් පුර පසලොස්වක පොහොය දිනය අද (29)දිනට යෙදී තිබේ.

මෙවර සිරිපා වන්දනා සමයත් අදින් ආරම්භ වන අතර පවතින කොවිඩ් – 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර සිරිපා වන්දනාව සීමිත පිරිසකට පමණක් සීමාකර ඇත.

අදට යෙදී ඇති උඳුවප් පුර පසලොස්වක පොහොය දින බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකේ.

මෙරට භික්ෂුණී ශාසනය බිහිකිරීම මෙන්ම ශ්‍රී මහ බෝධින් වහන්සේ මෙරටට වැඩමවීම සිදුව ඇත්තේ ද අද වැනි උතුම් පුන් පොහෝ දිනකය.

මේ අතර මෙවර ශ්‍රී පාද වන්දනා සමයත් අදින් ආරම්භ වේ.

සිරිපා කරුණාවේ ආරම්භය සනිටුහන් කරමින්, පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත්කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රථිමාව හා දේවාභරණ පෙරහැරින් සිරිපා මළුව දක්වා වැඩම කරවීම ඊයේ (28)දින සිදුකෙරිණි.

සුබ නැකතින් චාරිත්‍රානුකූලව ශ්‍රී පාද වන්දනා සමය අද සිට ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පැවසුවේය.

Related posts

කොටි ත්‍රස්තවාදීන් දහසක් ජර්මනිය තුළ ක්‍රියාත්මකයි.. ජර්මානු බුද්ධි සේවා හෙලිකරයි

colombotoday

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

colombotoday

ලොකු හාමුදුරුවෝ විසින් පොඩි හාමුදුරුවෝ ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් දීලා

colombotoday

වීසා නැතිව කුවේට් සිටි ලාංකිකයින් 28ක් එරටින් පිටුවහල් කරයි

Admin

රාජිතගේ ලේකම්, රූමි මොහොමඩ් CIDයෙන් අත්අඩංගුවට ගනී…

colombotoday

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

colombotoday