Colombo Today Local NewsUncategorized

බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම මට්ටමක නැහැ. වගකීම් විරහිතව කටයුතු කලොත් සැර කොරෝනා ප්‍රභේද බිහි වෙයි

බොහෝ ආයතනවල සෞඛ්‍ය නීති රැකීම හොඳ මට්ටමක නැති බවත් කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග ආයතන හා සාප්පු සංකීර්ණ ඉදිරිපිට දෑත් සේදීම සඳහා මුල් කාලයේදී සවි කෙරුණු බොහෝ ජල කරාම පවා මේ මොහොත වනවිට ක්‍රියාත්මක නොවන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

අත් සේදීම සඳහා ආයතන සහ සාප්පු සංකීර්ණය ඉදිරිපිට සවි කෙරුණු බොහෝ ජල කරාමවල සමහර කොටස් කැඩී ගොස් අක්‍රියවී ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා සමහර ආයතන ඉදිරිපිට ජල කරාම ඇතත් ඒවායේ වතුර නැතැයිද සඳහන් කරයි.

මේ ආකාරයට කටයුතු කිරීම ඥානාන්විත පියවරක් නොවන බවද ඔහු පවසයි.

කොවිඩ් පැතිරීම යම් ආකාරයකට පාලනය වී ඇතත් ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කිරීම දිගටම කළ යුතු බවත් එසේ කටයුතු නොකළහොත් අවදානම් තත්වයන් යළිත් ඇති විය හැකි බවත් ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙයි.

මුව ආවරණ පැළඳීම, දෑත් සබන් යොදා නිතර සේදීම, පුද්ගලයන් අතර දුරස්ථභාවය පවත්වාගෙන යෑම සහ පොදු ප්‍රවාහන මාධ්‍ය හැකිතාක් මගහැරීම යනාදීවූ සෞඛ්‍ය නීති ජනතාව දිගටම ක්‍රියාත්මක කළ යුතු බව කී හෙතෙම පාසල් විවෘත කිරීම වැනි කටයුතුවලට යොමු වීමට හැකි වන්නේ එසේ කටයුතු කළහොත් පමණක් බවද ප්‍රකාශ කරයි.

වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා රෝගය යළි පැතිරුණහොත් අලුත් සැර කොරෝනා ප්‍රභේද බිහිවනු ඇතැයිද ඔහු පවසයි.

මේ අතර විවිධ මිථ්‍යා මත නිසා සමහරුන් කොරෝනා මර්දන එන්නත ලබා නොගන්නා තත්ත්වයක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා කීය.

කොරෝනා එන්නත් ලබා ගැනීමෙන් වඳ භාවයට පත්වන බවටත් පුරුෂ ශක්තිය හීන බවටත් වැරදි අදහස් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව පැවසූ ගුණසේන මහතා යම් යම් එන්නත් වඩා හොඳ බවටද සමහරුන් වැරදි ප්‍රචාර ගෙන යන බව සඳහන් කරයි.

මෙවැනි මිථ්‍යා මතවලට නොරැවටී ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයෙන් කුමන හෝ කොරෝනා මර්දන එන්නතක් ලබා ගන්නැයි ඉල්ලා සිටින බවත් කොරෝනා වැළඳීමෙන් මරණ සිදුවීම සහ බරපතළ සංකූලතා ඇතිවීම වළක්වා ගැනීම සඳහා එන්නත ලබාගැනීම ඉතා වැදගත් බවත් ඔහු ප්‍රකාශ කරයි.

Related posts

කුමන බලපෑම් පැමිණිය ද මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදු කරනවා – ටිරාන් අලස්

Admin

හිටපු හමුදාපති දයා රත්නායක ඇතුළු නිලධාරීන් හතරකට නොතීසි !

colombotoday

මාස පහයි.. තවම සාධාරණයක් නෑ.. සාලවේ වැසියෝ කොළඹ වටලති

colombotoday

අභිත රණවිරුවෙක් කට උත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි කියා එයි

colombotoday

දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු ඇගවීමක්

colombotoday

සිමෙන්ති කම්හලක් බව පවසා හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ

colombotoday