Colombo Today Local News

මවක් තුන් හැවිරිදි දියණිය සමග ළිඳට පනී

වව්නියාව, පරනට්කල් ප්‍රදේශයේ දී කාන්තාවක්, ඇයගේ දියණිය සමග ළිඳට පැන සියදිවි හානි කරගෙන තිබේ.

පසුගිය 27 වනදා සිට ඔවුන් අතුරුදන්ව ඇති බවට ඕමන්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසියක දී එම කාන්තාවගේ සහ දියණියගේ මළ සිරුරු ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ තුන් හැවිරිදි දියණියක් සහ 42 හැවිරිදි කාන්තාවකි.

මිය යාමට පෙර අදාළ කාන්තාව විසින් සියදිවි හානි කර ගන්නා බවට ලියන ලද ලිපියක් ද ඇයගේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

ෆයිසර් ඒන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

ගිනි ගත් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයින්ට 5000ක වන්දය අද සිට

colombotoday

ත්‍රස්ත සැකකරුවන්ට ඇප දුන්නේ පොලිසියේ විරෝධය මැද – වැල්ලම්පිටිය OICගෙන් පැමිණිල්ලක්…

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday