Colombo Today Local News

70 වන නිදහස් දින සමරන්න ශ්‍රී ලංකාව නම් රටක් නැතිවෙයි !!

නිදහස් දිනයේ අරුත දේශපාලන නායකයන්ට ඒත්තු ගැන්විය යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

69 වන නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කර ඇති පණිවඩුයේ මේ බවව දැක්වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙහි වේ.

නිදහස් දිනයේ අරුත දේශපාලන නායකයන්ට ඒත්තු ගන්වමු

2017 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලාංකික අපි යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමේ 69 වන සංවත්සරය සමරන්නෙමු. මේ දිනයේ දී දෙමාපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන් අපට ලැබී ඇති නිදහසේ හා ස්වාධිපත්‍යයයේ අරුත මෙනෙහි කරන ලෙස පාසැල් ළමුන්ට හා තරුණ තරුණියන්ට අවවාද කරනු ලැබේ. නමුත් අද වැදගත් වී ඇත්තේ බාල පරම්පරාවට අපේ නිදහසේ සහ ස්වාධිපත්‍යයේ වැදගත්කම ඒත්තු ගැන්වීම නොව, අපේ දේශපාලන නායකයන්ට අපි ලැබූ නිදහසේ සහ ස්වාධිපත්‍යයයේ වැදගත්කම ඒත්තු ගැන්වීමයි. අපි 69 වන නිදහස් දිනය සමරන්නේ 70 වෙනි සංවත්සරය සැමරීමට රටක් ඉතුරු වී තිබේ දැයි සැකයක් මතු වී ඇති තත්ත්වයක ය.

වර්තමාන දේශපාලන නායකයන් ශ්‍රී ලාංකික රාජ්‍ය කැබලි කර වෙනම පොලිස් සේවාවන්ද සහිත ප්‍රාන්ත රාජ්‍ය ඇති කිරීමට කඩිමුඩියේ සූදානම් වෙන හැටි අපි දකිමු. මෙයට අමතරව 2016 සහ 2017 ජාතික අයවැය තුළින් කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය වැනි කුඩාම ව්‍යාපාරවල සිට අපේ ආණ්ඩුවේ ලොකුම ව්‍යාපෘතිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දක්වා රජයට අයත් සියලුම දේපොළ විකුණා දමන්න යෝජනා කර තිබුණි. හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ වරායන් පමණක් නොව ඒ අවට ඇති විශාල භූමි භාගයන් ද විකිණීමට නියම කර ඇත. අපි නිදහස ලබා වසර 69ක් පිරෙන දිනයේ දී අපේ දේශපාලන නායකයන් තමන්ගෙන් ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, අපි යටත් විජිත වාදීන්ගෙන් නිදහස ලැබුවේ ඔවුන් පවා ඉතුරු කර ගිය ඒකීය රාජ්‍ය කැබලි කිරීමට හා රාජ්‍යයට අයත් සියලුම වටිනා දේපොල විදේශිකයන්ට විකිණීමට ද යන්නයි.

මේ නිදහස් දිනයේ දී අපේ තරුණ පරම්පරාවට වඩා අපේ පාලකයන්ට නිදහසෙත්, ස්වාධිපත්‍යයයෙත්, නිවහල්බවෙත්, වැදගත්කම වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Related posts

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

colombotoday

“අපි ඔක්කොම ලාංකිකයි, එක මවකගෙ දරුවො කියන්න බෑ” – විග්නේෂ්වරන් වෙන් වෙන්න තව පොටක් හොයයි

colombotoday

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

colombotoday

ඒ කාලේ සෙල්ලං ගෝඨා සමග සල්ලං ! ආරක්ෂකයන්ගේ සිද්ධියට SB සමාව ගනී !

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය නවත්වන්න TNA මන්ත්‍රීන් රැසක් ඇවිත් ඉඳලා

colombotoday

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday