Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයැබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව සිය වාර්තාව සකස් කර තිබේ.

එම කමිටුවේ සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, සිය වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීම සඳහා අද(29) දිනයේ වේලාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එම කැබිනට් අනු කමිටුව පසුගිය පෙබරවාරි මස 19 දින පත්කරනු ලැබීය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුව සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල , රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් පත්කර තිබුණි.

මාර්තු 15 වන දිනට පෙර අදාළ කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබුණ ද ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් කැබිනට් අනු කමිටුව විසින් අද දිනය දක්වා කල් ලබාගනු ලැබීය.

ඒ අනුව මේ වන විට සිය කැබිනට් අනු කමිටුව වාර්තාව සකස් කර අවසන් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

Related posts

අන්තරේ සාමාජිකයින් 16කට ඇප

colombotoday

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල අන්තර්ජාලයට….

colombotoday

සහල් නිෂ්පාදනය 50%කින් අඩුවේ.. මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් වහාම රටින් ගෙනේ !

colombotoday

20 වැනිදා තෙක් සිපෙට්කෝ ෂෙඩ්වලට එන්න එපා – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙයි

colombotoday

22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

ආනයනික අර්තාපල්, ලොකුළූණු බදු පහලට…

colombotoday