Colombo Today Local News

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව : චෝදනා එල්ල වී සිටින ඇවන්ට් ගාඞ් සභාපතිට රට යන්න අවසර

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

එම නඩුව අද(29)දින ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විරෝධය පළ කළේ නැහැ.

ඒ අනුව නිශ්ශංක සේනාධිපති මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ මහතාට අප්‍රේල් මස 23 වන දා පෙරවරු 11 ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

අනතුරුව අධිකරණය භාරයේ පවතින සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප මත මුදා හරින ලෙස ද අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

Related posts

එජාප මන්ත්‍රීලා අවි අමෝරයි.. ශ්‍රීලනිප ඇමතිලාගේ පරණ ෆයිල් එළියට අදී !

colombotoday

එල්ල වූවේ මරාගෙන මැරෙන ප්‍රහාර බවට සැකයක් – ප්‍රහාරයට ලක්වූ හෝටලයකින් රැවුල වවා ගත් හිසක් හමුවේ

colombotoday

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

colombotoday

නීතීඥවරියක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කළ කාන්තාවකට බරපතල වැඩ සහිත සිරදඬුවම්

colombotoday

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

colombotoday

එජාපය දිනූ හම්බන්තොට නගරාධිපති ධුරය ශ්‍රීලනිපයේ එරාජ්ට…

colombotoday