Colombo Today Local NewsUncategorized

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් අද (29)දින සිට කිලෝග්‍රෑමයක් රුපියල් 98 බැගින් වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආන්නද පීරිස් මහතා පවසයි.

ලැබුණු නාඩු කන්ටේනර් 09ක් මේ වනවිට රේගු නිශ්කාශන කටයුතුවලින් පසු තම ආයතනයට ලැබී ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.

මෙමගින් පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට සහල් අලෙවි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් වන බව ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර කොළඹ වරායේ තිබූ සීනි කනර්ටේනර් 81ක් ද ලංකා සතොස ආයතනය වෙත මේ වනවිට නිදහස් කර තිබේ .

එම සීනි තොග ද රජයේ පාලන මිල යටතේ සතොස ශාඛා හරහා ජනතාවට ලබාදෙන බව ඔහු පවසයි.

Related posts

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

colombotoday

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

colombotoday

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday

ජනපති සහ චීන ජනපති හමුවෙයි

Admin

ජනපතිගෙන් මාධ්‍යට දොස්මුරයක් (Video)

colombotoday

නැගෙනහිර වහාබ්වාදී වෙනම රාජ්‍යයක් !

colombotoday