Colombo Today Local News

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සහභාගීත්වයෙන් අද (29)දින කොළඹ පිටකෝට්ටේ උත්සව ශාලාවකදී මහජන සම්මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය අමෙරිකානු සමාගමට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිත බව මහජන සමන්ත්‍රණ සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, එවැනි සම්න්ත්‍රණයක් පිළිබඳ දැනුවත්ව නොමැති බවය.

Related posts

රේගු අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අවසන්

Admin

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday

“පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි“ – එජාපය අධිකරණයට යයි

colombotoday

හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂට සුබ මංගලම්…

colombotoday

අපි කාගෙවත් පැත්තක් ගන්නේ නෑ… මහින්ද අගමැති සේ පිළිගන්නෙත් නෑ…

colombotoday