Colombo Today Local News

දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් ලබන 15 විවෘත කරයි

දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ලබන මස (ඔක්තෝබර්) 15 වැනි දින සිට ආරම්භ කිරිමට සැලසුම් කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

දකුණු පළාත තුල ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514ක් තිබෙන අතර මේ දිනවල මෙකි පාසල්වල කොවිඩි මර්ධන කමිටු සක‍්‍රිය කිරිමට කටයුතු කරමින් සිටින බවද පවසයි.

එම කටයුතු ලබන මස 06 වැනිදින දක්වා සිදුකරණ අතර 06 වැනිදින සිට 15 වැනි දින දක්වා කාලය තුල පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරණ බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.

පාසල් පිරිසිදු කිරිම සදහා අදාල බල ප‍්‍රදේශවල පළාත් පාලන ආයතන එකගවි ඇති බවත් සනිපාරක්ෂක ද්‍රව්‍ය පළාත් අමාත්‍යංශය මගින් ලබාදෙන බවද ඒ මහතා පවසයි.

Related posts

විදුලි ඒකකයකට අය කෙරෙන තරු විසිවෙන ගාස්තු ක්‍රමය මෙන්න

Admin

ජනාධිපති විමර්ෂණ කොමිසම නීති විරෝධියි, හිටපු ජනපතිගෙන් විරෝධයක්, තීන්දුව හෙට.

colombotoday

“කොටියා මැඩීමට හැකිවූයේ රනිල් – ප්‍රභා ගිවිසුම නිසයි” ආරක්ෂක අංශ ජනපතිට අගමැතිට වාර්තාවක් දෙයි

colombotoday

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

colombotoday

යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි – ආණ්ඩුකාරයා කියයි

colombotoday

සති තුනක් තුල කල වැටලීම්වලදී ගිනි අවි 122ක් අත්අඩංගුවට

colombotoday