Colombo Today Local News

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයට

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු ලබන 31 වනදා සිදු කිරිමට තීරණය කර තිබේ.

උන්වහන්සේගේ දේහය අද පෙරවරු 08.30 සිට බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලනයේ තැන්පත් කිරීමට නියමිතව ඇත.

බුද්ධංගල ආනන්ද හිමියන් අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සහෝදරයෙකු වන අතර උන් වහන්සේ ගිහි ජිවිතයේ දී ආනන්ද වීරසේකර නම්විය.

ගිහිකළ යුද හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකු ලෙස ද සේවය කර තිබේ.

හෙට දිනයේ උන්වහන්සේගේ ශ්‍රී දේහය අම්පාර දක්වා ගුවනින් රැගෙන යාම සැලසුම් කර තිබේ.

ශ්‍රී දේහය එදින පස්වරු 04.30 සිට දේහය බුද්ධංගල ආරණ්‍ය සේනාසන තැන්පත් කිරීමට නියමිතය.

ආදාහන පුණ්‍යෝත්සවය ලබන 31 වනදා පස්වරු 03.00ට බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේදී සිදු කිරිමටයි කටයුතු යොදා ඇත්තේ.

Related posts

ලංකාවට අහිමිවූ රුසියානු තේ වෙළදපොල අල්ලන්න කෙන්යාව බරටම වැඩ

colombotoday

ගෑස් නැවතත් ගණන් උස්සයි… රුපියල් 195කින් ඉහළට…

colombotoday

මහබැංකු මුදල් සංචිතය ඩොලර් මිලියන 500කින් අඩුවෙයි.. බැංකු ණය පොලී අනුපාතය ඉහළ යයි..

colombotoday

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් නැහැ

Admin

කරන්න බැරිනම් අපි 225 දෙනාම ගෙදර යමු.

colombotoday

පල්ලිවාසල්තුරේ වෙරළේ සගවා තිබු ලක්ෂ 75ක කහ තොගය

colombotoday