Colombo Today Local NewsUncategorized

මුදාහැරීමට නියම කර ඇති අලි ඇතුන් 15කගේ ලියාපදිංචිය වළක්වාලමින් තහනම් නියෝගයක්

මහෙස්ත්‍රාත් අධිකරණ විසින් මුදාහැරීම සඳහා නියම කර ඇති අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචි කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන කීපයක් ගොනු කරන ලද පෙත්සම් අද (29)දින කැඳවනු ලැබූ අවස්ථාවේ එම නියෝගය නිකුත් කෙරුණි.

වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනෙකු මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සහ මාතලේ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලමින් අදාළ පෙත්සම ගොනුකර තිබුණි.

එම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් අලි ඇතුන් හිමිකරුවන් පිරිසක් විසින් අතර මැඳි පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කර තිබු අතර විනිසුරු මඩුල්ල ඔවුන්ට නියෝග කර ඇත්තේ ඉල්ලීම්වලට අදාළ ලිඛිත දේශන සහ විරෝධතා ඇත්නම් නම් ඒවා ඔක්තෝබර් මස 13 වනදා ට පෙර ගොනු කරන ලෙසය.

අනතුරුව අදාළ පෙත්සම් ඔක්තෝබර් මස 13 වනදා කැඳවීමට අධිකරණය නියම කර තිබේ.

Related posts

නවීන ගිනි අවි දෙකක් හෑගොඩ නිවසකින් සොයා ගනී

colombotoday

මෙරට හදවත් රෝගී දරුවන්ට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී නොමිලේ සැත්කම්

colombotoday

රනිල් වෙඩි නොවදින රථයක්, පොලිසියේ 200ක්, හමුදාවේ 17ක් සමග තවත් වරප්‍රසාද ඉල්ලයි

colombotoday

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

colombotoday

මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක්.. පින් පමුණුවද්දී කැප්පෙටිපොළ රුව වටාපතේ දිස්වෙයි

colombotoday

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin