Colombo Today Local News

රවීගේ කැබිනට් පත්‍රිකාවෙන් රජයට පාඩුව කෝටි 1500යි.. FCID පරීක්ෂණ නෑ…

අද රටේ දූෂිතම ආයතනයක්‌ බවට රේගුව පත්ව ඇති බවත් රේගුවේ වාහන නිදහස්‌ කිරීමේ පාඩුව රුපියල් කෝටි 1500 ක්‌ බවත් මහනුවර දිස්‌ත්‍රික්‌ එජනිස මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පැවසීය.

අධිකරණ තීන්දුවක්‌ නොතකා වාහන 250 ක්‌ නිදහස්‌ කරන ලෙස මුදල් ඇමැති කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළ බවත් දැන් එම වාහන විකුණාගෙන යන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී මොන්ටෙරෝ ජීප් රථයකට බදු ගසා තිබෙන්නේ රුපියල් හය ලක්‍ෂයක්‌ පමණක්‌ බවත් මුදල් ඇමැතිවරයා මහ දවල් රේගුවෙන් හොරකම් කරන බවත් මන්ත්‍රීවරයා කීය.

මේවා පිළිබඳ රේගුව එෆ්.සී.අයි.ඩී එකට පැමිණිලි කළත් ඒ පිළිබඳව පරීක්‍ෂණ නැති බවත් පාර්ලිමේන්තුවේ ඊයේ (08 දා) පැවැති රේගු ආඥ පනතට අදාළ නියෝග පිළිබඳ විවාදයේදී මහින්දානන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

කොවිඩ් එන්නත මුදලට විකිණීමේ කූට ජාවාරම්ක්

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin

රාජද්‍රෝහීව කටයුතු කර හෝ මේ මෘග ආණ්ඩුවෙන් රට බේරාගැනීමට දැන් සිදුවෙලා තිබෙනවා

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

අක්‍රීය කළ බැදුම්කර මගඩි සමාගමේ ගිණුම් යළි සක්‍රීය කරයි

colombotoday