Colombo Today Local News

අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. අන්තවාදී ආගම් ප්‍රචාරයේ !! (Photo)

පාකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සම්භවයක් සහිතයැයි දක්නට ලබෙන විදේශිකයන් පිරිසක් ලංකාවේ නගරයක සැරිසරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මෙවැනි පුද්ගලයන් නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුල පෙදෙස්වල තරමක් සුලබ දර්ශනයක් වූවත්,  දැන් දැන් දිවයිනේ සෙසු ප්‍රදේශවලද මොවුන් සැරිසරනු දක්නට ලැබෙන බවටත්, ඔවුන් රට පුරා පිහිටි මුස්ලිම් පල්ලි වලට නිතර යෑම් ඒම් සිදුකරනු දක්නට ලැබෙන බවත් විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා.

මෙරට පවතින දුර්වල ආගමන විගමන නීති හේතුවෙන්, සදාචාර විරෝධී ලෙස ආගම් ප්‍රචාරය කිරීමේ අරමුණින් ආගමික ත්‍රස්තවාදී කණ්ඩායම් බහුල පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය ඇතුළු මැදපෙරදිග රටවලින් පුද්ගලයන් සංක්‍රමණය වීම මේ වන විට ඉහල ගොස් ඇත. එලෙස මැදපෙරදිග හා යුරෝපීය රටවලින් මෙන්ම ආසියානු රටවලින්ද සංක්‍රමණය වූ විවිධ මූලධර්මවාදී ආගමික කණ්ඩායමවල පුද්ගලයන් සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ වීසා කාල සීමාව අවසන් වූ පසුවත්, අනවසරයෙන් මෙරට රැදී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පසුගිය මාස තුන ඇතුළත පමණක් ඉස්ලාමීය අන්තවාදී කල්ලිවල සාමාජිකයන් 201 දෙනෙකු එලෙස ලංකාවට ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළිව ඇති අතර, මෙලෙස පැමිණෙන අන්තවාදීන් කුමන ක්‍රියාකාරකම්වල යෙදෙනවාදැයි මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක්ව නොමැත.

එමෙන්ම මීට වසර දෙකකට පමණ පෙර ‘අහමදියා‘ නම් ඉස්ලාම් ආගමික කණ්ඩායම්කට අයත් පුද්ගලයන් පිරිසක් පාකිස්ථානයෙන් ලංකාවට සංක්‍රමණය වී ඇති බවට එවකට ආරක්ෂක අංශ වලින් අනාවරණය කරගෙන තිබුණු අතර, එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන මොවුන්ගෙන් පිරිසක් මීගමුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි කර ඇත. කෙසේ වෙතත් මෙම ජන කොටස වෙනම ප්‍රජාවක් ලෙස මේ වන විට සිය පැවැත්ම තහවුරු කරගෙන ඇති අතර, අන්‍යාගමික පිරිස්වලට හිරිහැරවන ආකායේ යම් යම් ක්‍රියාකාරම් සිදුකරමින් සිටින බවටද තොරතුරු වාර්තා වේ.

ආගමන විගමන බලධාරීන් බුදි !!

ජාත්‍යන්තර සම්මතයට අනුව නීත්‍යනුකූල ක්‍රමයකට රටකට පැමිණීමට හෝ පිටවීමට ඇති අයිතියට අප කවරකු වුවද ගරු කළ යුතුය. එහෙත් “සංචාරක” නමට මුවා වී පැමිණෙන කම්බා හොරු සහ අන්තවාදීන් රටේ ආර්ථිකයටත්, ආරක්‌ෂාවටත් බරක්‌ කරගත යුතු නැත.

ලෝකයේ සියලුම රටවල්වල ආගමන විගමන අංශවල නිලධාරීන්ට ලැබී ඇත්තේ පූර්ණ නීතිමය බලයකි. ඒ රටේ ආරක්‌ෂාවත්, පැවැත්මත් සම්බන්ධයෙන් ඔවුන් වෙත පැවරී ඇති බරපතළ වගකීම හේතුවෙනි. ඔවුනට එරෙහිව දේශපාලන බලපෑම් හෝ උසාවි මගින් හෝ නීතිමය ලෙස කෙරෙන අභියෝගයන්ද තහනම්ය.

ශ්‍රී ලංකාවේ නීතියද ඊට වෙනස්‌ නොවේ. 1948 අංක 20 දරන ආගමන විගමන පනත යටතේ වගන්ති 57 ක්‌ මගින් ආගමන විගමන නිලධාරියා වෙත පැවරෙන බලතල වෙනත් කිසිදු නිලයකට සාපේක්‍ෂ වන්නේ නැත. ආගමන විගමන නිලධාරියකු විසින් ගන්නා වූ ලබන තීරණ කිසිවෙකුටත් වෙනස්‌ කළ නොහැක. ඒ අතර විදේශිකයකුට වීසා අවසර පත්‍ර නිකුත් කිරීම ප්‍රතික්‌ෂේප කිරීම, දින ගණන් සීමා කිරීම, රටින් බැහැර වීමට නියෝග කිරීම වැනි තීරණ වේ.

මෙතරම් නීතිමය වගකීමක්‌ ඔහුට පැවරෙන්නේද රට වෙනුවෙන් නිර්බාධක ලෙස කටයුතු කිරීම උදෙසාය. මේ සුවිසල් වගකීම් සහිත කාර්යභාරය සංචාරක වීසා මගින් පැමිණ අන්තවාදී අදහස්‌ පතුරුවන ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන රටේ ආර්ථීකයට බරක්‌ වන ගණන් ඇතුව කියන “සංචාරක කල්ලතෝනින්” සඳහා වලංගු නොවූයේ ඇයිදැයි යන්න විමසා බැලිය යුත්තකි. අපට පෙනෙන හැටියට ප්‍රශ්නය වී තිබෙන්නේ සුදුහම ඇති ඕනෑම නසරානියෙකුට, ගෝත්‍රයකට, ජාවාරම්කරුවෙකුට ටුවරිස්‌ට්‌ වීසා රැගෙන පැමිණ ඕනෑම පිස්‌සුවක්‌ නටා නැවත යැමට හැකි පරිදි “ක්‍රමය” සැකසී තිබීමය. රටට ඇතුළු වී ඕනෑම පාදඩ වැඩක්‌ කර ආගමන විගමන නිලධාරීන්ගේ අතටම අසුවූ පසු රටින් පිටුවහල් කරන විට රටට වෙන්නට ඕනෑ හරිය සිදුවී අවසන්ව තිබිය හැක. ඊට පෙර “සංචාරකයන්” කවරෙක්‌ද යන්න ආගමන විගමන බලතල භාවිතා කර විධිමත්ව සොයා බැලීමේ ක්‍රමවේදයක්‌ සැකසීම වුවමනාය.

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

Related posts

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

colombotoday

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

colombotoday

පුස් වෙඩිද ජීව උණ්ඩද කියලා ඉදිරියේදී අනුර කුමාරට බලන්න පුළුවන්. | ඇමති සරත් වීරසේකරගෙන් සැර කතාවක් සරත් වීරසේකර

colombotoday

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

මලික්, මංගල ඇතුළු රනිල් වික්‍රමසිංහගේ සමනල් කල්ලිය නිසා මිනිසුන්ට යහපාලනය තිත්ත වුනා – සුදත්ත හිමි

colombotoday

චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Admin