Colombo Today Local News

ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)

පවතින දුර්වල ආගමන විගමන නීති පද්ධතිය හේතුවෙන් මෙරට, විදේශීය ආගමික අන්තවාදී කල්ලි කණ්ඩායම්වල ගොදුරු බිමක් වී ඇති බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ පසුගිය (7) වනදා ආගමන විගමන පාලක එම්.එම්. රණසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ගෝලීය ත්‍රස්ත භිය හේතුවෙන් මේ වන විට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි ලෙස ආගමන විගමන නීති ස්ථාවර කරමින් සිය රටවල ආරක්ෂාව තහවුරු කරගනිමින් සිටිද්දී, මැදපෙරදිග ඉස්ලාමීය රටවල අන්තවාදීන් ලංකාව වැනි දුර්වල ආගමන විගමන නීති පවතින රටවලට වැඩි වශයෙන් ඇතුළු වීමට උත්සහා කරමින් සිටින බවද උන්වහන්සේ එහිදී පැවසීය.

ඒ අනුව පසුගිය මාස තුන ඇතුළත ඉස්ලාම් ආගම ඉගැන්වීමට යැයි කියමින් 201 දෙනෙකු මෙරටට ඇතුළු වී ඇති බවත්, මෙලෙස මෙරටට ඇතුළුවන මූලධර්මවාදී කණ්ඩායම් මෙරට මුස්ලිම් සමාජය තුළ අන්තගාමී ආගමිත මතවාද ප්‍රචාරය කරමින් සිටින බවත්, තරුණ පිරිස් මෙන්ම මුස්ලිම් සමාජයේ උගත් පිරිස් පවා මෙම වහාබ්වාදී මූර්ධර්මවාදී කණ්ඩායම්වලට ගොදුරු වී සිටින බවද ඥාණසාර හිමියන් සදහන් කළේය.

අනෙකුත් රටවල අවධානම තේරුම්ගෙන අනවසර සංක්‍රමණිකයන් වැළැක්වීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක, ඉස්ලාමීය ත්‍රස්තවාදයෙන් මේ රට ආරක්ෂාකරගැනීමට දේශාපාලන අධිකාරිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලීසිය, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආයතන ජාලගත වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙන බවත්, උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

ඥාණසාර හිමියන් වැඩි දුරටත් දැක්වූ අදහස් පහත පරිදිය.

අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. අන්තවාදී ආගම් ප්‍රචාරයේ !!

Related posts

හෙම්මාතගම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday

වයඔටත් සීයට යන්න අවසර

colombotoday

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

colombotoday

උතුර දකුණ යා කරන්න ජාතික මහා ක්‍රීඩා උළෙලත් අරන් දයාසිරි කිලිනොච්චි යයි

colombotoday

දකුණේදී ඇල්ලූ පාතාල කොටියාට කිරි පෙවූ ඇමති සුදාලා ‍හෙළිවෙයි.. ඉහළ අණින් පරීක්ෂණ නවතී

colombotoday

දුරකතන අංකය වෙනස් නොකරම වෙනත් සේවා සපයන්නෙකු සමග එක් වෙන්න පාරිභෝගිකයන්ට අවස්ථාව

colombotoday