Colombo Today Local News

“ප්‍රමිතිය බාලයි.. වසා දැමිය යුතුයි..“ සයිටම් විරෝධයට චම්පිකත් එක්වෙයි !!

මාලඹේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට තමා විරුද්ධ බවත්, එය වසා දැමිය යුතු බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ සුදුසුකම් පිළිබදව ගැටළුවක් පවතින බව සදහන් කර ඇමතිවරයා, එම ආයතනයට එරෙහිව ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට තම සහය දක්වන බවද සදහන් කරයි.

කෙසේ වෙතත් වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන්ට වැඩි ඉඩකඩක් ලබාදීමට රජයේ වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනගන්නා සිසුන්ගේ ප්‍රමාණයද ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනට වෛද්‍ය විද්‍යාල සඳහා බඳවාගන්නා සිසුන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී අවම වශයෙන් 20%කින් හෝ ඉහළ නැංවිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා, එය ශ්‍රී ලංකාවේ වෛද්‍ය හිඟය පියවීමට අදාළ ප්‍රමුඛ කරුණක් වන බවද පැවසීය.

Related posts

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

‘දකුණේ සිංහල වැසියන්ට හිතවත් යාපනයේ දෙමළ ඇස් දොස්තර‘ | මෙවර වෙසක් සමයේ නොමිලේ අක්ෂි සැත්කම් 2000ක්

colombotoday

සරත් විරසේකරට විමල් වීරවංශ පරදින ලකුණු

colombotoday

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

Admin

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන නායක තේරීමට නිමල් සිරිපාල විරුද්ධ වේ

colombotoday