Colombo Today Local News

වෙඩි කෑ සයිටම් ලොක්කා පොලිසියටත් නොදන්වා රට පනී !!

වෙඩි ප්‍රහාරයකට ලක් වූ මාලඹේ සයිටම් ආතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ඊයේ (10) විදේශගත වී ඇති බවට වාර්තා වනවා.

මොහු මෙලෙස විදේශ ගත වී ඇත්තේ පොලීසියට දැනුම් දීමකින් තොරව බවයි පැවසෙන්නේ.

ඉකුත් දා ඔහුගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර දැනුම් දීමක් සිදුකළ යුතුව තිබූ බවයි පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ.

කෙසේ වෙතත් පරීක්ෂණ සදහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවද පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

“පලාලිය ජාත්‍යන්තර ගුවන් තොටක්‌ කිරීමට රජය එකඟ වුණා” මාවෙයි සේනාධිරාජා කියයි

colombotoday

ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයකට සිරවී රියැදුරු ජීවිතක්ෂයට

Admin

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday

දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

colombotoday

මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව වටලයි

colombotoday