Colombo Today Local News

‘ගහැණු ළමයින්ට ගෙදරට අසු නොවී රහස් පණිවිඩ යවන්න දැන් ලේසි වෙලා‘ – අගමැති

‘අද හැම ගෙදරකම දුරකථන තියෙනවා. ගැහැනු ළමයකුට ලියුමක් ලියන්න පෑනක් ඕන. කඩදාසියක් ඕන. කාටවත් අහුවෙන්නේ නැති‍ෙවන්නත් ඒක කරන්න වෙනවා. මෙහෙම ලියනකොට තාත්තාට අහුවෙන්න පුළුවන් සහෝදරයකුට අහුවෙන්න පුළුවන්. ලියුම දකින්න පුළුවන්. දැන් ඒ සියල්ල ලේසිවෙලා. ටිවිටර් ඇවිල්ල, ඊමේල් ඇවිල්ල. අද කොච්චර දියුණුවෙලාද කියල ලෝකය වෙනස්වන විදිහෙන් පේනවා.” යයි මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට (09) වනදා සහභාගී වෙමින් අගමැතිවරයා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද කියා සිටියේය.

මහනුවර නගරය ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කරනවා. එයට සැලසුම් හදා අවසන්. බෝගම්බර පැරණි බන්ධනාගාරය ආශ්‍රිත ප්‍රදේශය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්කරනවා. අපේ පාරම්පරික ශිල්පීන් වෙනුවෙන්.

මහනුවර IT Zone එකක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මහනුවර කොළඹ අධිවේගී මාර්ගය දැන් හැදෙනවා. එවිට කොළඹ මහනුවර අතර දුර පැයකින් අවසන් කළ හැකියි.

කුරුණෑගල මාතර ගාල්ල හම්බන්තොට මේ හැම නගරයක්ම සංවර්ධනය කරනවා. සියලු දෙනාටම සුබ අනාගතයක් ලබාදීමටයි මේවා කරන්නේ. ලෝකය සමඟ අපි ඉදිරියට යායුතුයි. පස්සට ගිහිල්ල වැඩක් නැහැ.

ආසියාවේ රටවලටත් පසු පසින් අපි ඉන්නේ. චින‍ෙය් එහි සංස්කෘතික විප්ලවයක් ඇතිවුණා. ඒ රටේ හිටපු ජනාධිපතිව අල්ලගෙන ගිහිල්ල මිනිස්සු හිර කළා. ඒවගේ අර්බුද වලින් පිරිච්ච චීනය අපිට වඩා ගොඩාක් ඉදිරියට ගිහිල්ල.

වියට්නාමය ඇමරිකා‍වත් එක්ක සටන් අත්ඇරල 1991 දී අපෙන් ඇහැව්වා කොහොමද ඇඟලුම් කර්මාන්තය දියුණු කරන්නේ කියල. අද ඔවුනුත් අපි පහු කරගෙන ගිහින්. ඒ කාලේ අපිට වඩා පිටුපසින් සිටි රටවල් අද ඉදිරියට ගිහින්. අපි යුද්දෙකට අහුවුණා.

මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක හැම වේලාවෙම එකිනෙකාට එරෙහිව වැඩ කළේ. ඒක හරියට රාජකීය ත්‍රිත්ව බැඩ්බ්‍රි ෆීල්ඩ් එකට සටන් කරනවා වගේ. තරග කරනවා වගේ. අපේ විපක්ෂය දෙමළ ජාතික සන්ධානයයි.

මේ රටට ජනතාවට හොඳ අනාගතයක් ලබාදෙන්නයි මමයි ජනාධිපතිතුමායි අපි සැවොම එකතු වී වැඩ කරන්නේ. රටේ ඇති තරම් කර්මාන්තශාලා, හෝටල් ඇති කළ යුතුයි. අද විදේශ රටවල අපි දකින බලාපොරොත්තු වන දේවල් අපේ රටේ ඇති කළ යුතුයි.

බංග්ලාදේශය, මියැන්මාරය, මැලේසියාව, තායිලන්තය, සිංගප්පුරුව අපිට වඩා ඉදිරියට ගිහින්. අපි ඉදිරි කාලය තුළ මේකට අවශ්‍ය පදනම හදනවා. රට ඉදිරියට ගෙනියන්න. අපිට ඕන රට සංවර්ධනය කරන්නයි.

‘දැන් අධ්‍යාපන අමාත්‍යවරයා ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික විද්‍යුත් පුස්තකාලයක්. ඊලයිබ්රිවලින් හෝ ඉන්ටනෙට් එකෙන් කියවන්න පුළුවන්.

නවීන තාක්ෂණය තුළින් හැම කෙනකුටම හොඳ අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව ලැබෙනවා. අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරන්න තවදුරටත් කඩඉම් විභාගයක් නොවෙයි.

සාමාන්‍ය පෙළින් පස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ට උසස් පෙළ හදාරන්නත් තමන් කැමති ක්ෂේත්‍රයක් ඔස්සේ අවස්ථාව ලබා දෙනවා.

සාමාන්‍ය පෙළ අසමත් වෙලා ගෙදර ඉන්න දරුවට අපි ඉහළට ඉගෙන ගන්න අවස්ථාව ලබාදෙනවා. කලාවට, ක්‍රීඩාවට, රූපලාවන්‍ය කටයුතුවලට විවිධ අංශයන් ඔස්සේ දක්ෂයි නම් ඒ අංශයේ අවස්ථාව ලබාදෙනවා. හැමකෙනෙකුටම අවස්ථාව ලබාදෙනවා.

බාධා එපා

ඒකට කිසිම දේශපාලන බලවේගයකට බාධා කරන්න බැහැ. අපි වාද කරන්න කැමැතියි. අනික් අතින් ප්‍රශ්න තියනවා නම් සාකච්ඡා කර එකඟතාවයකට එන්න ඕන.

යුද්දෙන් පස්සේ ජපානය විනාශ වුණා. කොරියානු යුද්දෙන් පස්සේ ඒ රට විනාශ වුණා. අද ඒ රටවල් දියුණු වෙලා. අපි හිතුවා අපි තමයි රජ්ජුරුවෝ කියලා. අපි ඒ හැමෝටම පස්සට ඇවිල්ලා. අපි මේ වෙලාවෙ නියම සංවර්ධන මාවතකට ප්‍රවිශ්ට නොවුණොත් තව අවුරුදු 15 කින් පස්සට වැටෙනවා. අපි නව මාවතක නව ජවයකින් ගමන් ඇරඹිය යුතුයි.

Related posts

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

ආණ්ඩුව අභ්‍යන්තරයේ අගමැති රනිල් සහ මුදල් ඇමති රවී අතර ගැටුම්

colombotoday

ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න

colombotoday

“අලියා කුලප්පු වුණොත් භයානකයි“ – කබීර් හෂීම්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

යුද සැමරුමට උතුරු විපක්ෂ නායක දුන් මුදල් සරසවි සිසුහු ආපසු යවති

colombotoday