World

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරය අපෙක්ෂාවෙන් සිටි ශෂිකලා නටරාජන්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද සිව් වසරක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් චෝදනාවලට වරදකාරිය කරමින් මෙම තීන්දුව ලබා දී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තීන්දුව අනුව ඇයට තමිල්නාඩු මහ ඇමති ධුරයට පත්වීමට අවස්ථාව අහිමිවන අතර, වසර 10ක් යනතුරු මැතිවරණ සදහා ඉදිරිපත්වීමටද අවස්ථාව අහිමිවනවා.

ශෂිකලා නටරාජන් හිටපු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතිය වන අතර, ජයයලිතාගේ අනුප්‍රාප්තිකයා ලෙස තාවකාලිකව මහ ඇමතිධුරයට පත්වූ ඕ පනීර් සෙල්වම් සහ ඇය අතර මහඇමති ධුරය සදහා පසුගිය දිනවලදී ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණා.

Related posts

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

Admin

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

colombotoday

මිල සීමාව ක්‍රියාත්මක රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරයි

Admin

ගුවන් යානයක් කඩා වැටෙයි

colombotoday