Colombo Today Local News

ඉෂාලිනිගේ දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස අධිකරණයෙන් නියෝග

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව (30) දින ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැගෙන යන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය විසින් (29) දින පොලිසියට නියෝග කලහ.

මියගිය දැරියගේ සිරුර ගොඩගෙන යලිත් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිම සදහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් බි වාර්තාවක් මගින් රජයේ අධි නිතිඥ හංස අබේරත්න මහතා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (29) දින කරුණු වාර්තා කරමින් කියා සිටියේ මියගිය දැරියගේ සිරුර නුවරඑලිය අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි හැටන් ඩයගම බටහිර කොටසේ පිහිට පොදු සුසාන භුමියේ මිහිදන් කර ඇති නිසා සිරුර යලිත් ගොඩගැනිමට නුවරඑලිය මහෙස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ සිදු කල යුතු බවයි.

රජයේ අධි නිතිඥවරයාගේ කරුණු සලකා බැලු නුවරඑලිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය නියෝග කරනු ලැබුවේ වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා , මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ද සහභාගි කර ගනිමින් නිරෝධායන උපදෙස් වලට අනුකුලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදි මිය ගිය දැරියගේ සිරුර (30) දින උදැසන 8.30 ට ගොඩගෙන සිරුර දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසයි.

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රජයේ අධි නිතිඥවරයා කරුණු වාර්තා කරන අවස්තාවට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, කොළඹ දකුණ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් කුමාර , කොළඹ දකුණ ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක ඉනෝක මහත්මිය ද අධිකරණය හමුවේ පෙනි සිටිහ.

මිය ගිය දැරියගේ සිරුර මිහිදන් කර ඇති ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

Related posts

මහ සිලු මහතිස් රජුගෙන් පසුව සිංහල ඉතිහාසයේ දෙවන වරට බොදු බල සේනාවෙන් හැට දහසක චීවර පුජාවක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය

colombotoday

කෝවිඞ් වසංගතයෙන්, මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක වටිනාකම සනාථ කළ බව ජනපති පෙන්වා දෙයි

colombotoday

එජාපයට එරෙහි වූවන්ට විනය පරීක්ෂණ

colombotoday