Colombo Today Local News

වියත්මගට එන්නැයි ගෝඨා රට වැසියන්ගෙන් ඉල්ලයි !

වියත්මග සංවිධානයට එකතුවීමට රට පුරා විද්වතුන්, වෘතිකයින් හා ව්‍යවසායකයින් දක්වන උනන්දුව ඉතා ප්‍රශංසනීය බව පසුගිය 15 දා නාවල කොස්වත්තේ පැවති වියත්මග සම්මන්ත්‍රනයක් අමතමින් හිටපු ආරක්ෂක හා නාගරික අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

වියත්මග සංවිධානය යනු රටට ආදරය කරන, එහි සංවර්ධනය අපේක්ෂා කරන, ඒකීය රටක් තුල සියලු ශ්‍රී ලාංකිකයන් සතුටින් සාමයෙන් හා සහජීවනයෙන් විසිය යුතු බව විශ්වාසකරන, රටවෙනුවෙන් යම් කාර්‍ය භාරයක් ඉටුකරන්නට කැපවූ විද්වතුන් වෘතිකයන්, හා ව්‍යාපාරිකයන්ගේ එකමුතුවක් බව පෙන්වාදුන් ගෝඨාභය රාජපක්ෂ මහතා එය දේශපාලන සංවිධානයක් නොව රටේ අනාගත අභිවෘදිය වෙනුවෙන් ගොඩනැගෙන මහජන බලවේගයක් බව මතක් කර දුන්නේය.

ඒ නිසා පක්ෂ, වාර්ගික හෝ ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සිතන්නට හා යමක් කරන්නට කැමති පුරවැසියන්ට තමුන්ගේ , ගමේ , පාසැලේ, විශ්ව විද්‍යාලයේ හෝ රැකියා කරන ස්ථානයේ සම අදහස් ඇති පිරිස් සමග එක්වී වියත්මග ශාකා පිහිටවා ගන්නා ලෙසත් ඒ හරහා අනෙකුත් වියත්මග ක්‍රියාකාරිකයින් සමග සම්බන්ධවී ඔවුන්ගේ වටිනා අදහස් හුවමාරු කරගන්නා ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනය කලේය.

පවතින රජය හෝ අනාගත රජයක් නිවැරදි මගට ගැනීමට නම් අප කලයුත්තේ විවේචනය කරමින් සිටිනවා වෙනුවට රජයකට බලපෑම් කල හැකි තමන්ට සුදුසු යැයි හැඟෙන මහජන බලවේගයන් වටා එක්වීම බවත්, විද්වතුන්, වෘතිකයින් හා ව්‍යවසායකයින්ගේ එකමුතුවක් වන වියත්මග ක්‍රියාකාරීන් සම්ප්‍රධායික චින්තනයන්ට වහල් නොවී අනාගතය දෙස විවෘත මනසකින් බලමින්, තම අදහස් නොබියව සංවාදයට ඉදිරිපත් කරමින් ක්‍රියාකලයුතු අතර පොදු එකඟතාවකට පැමිනි කරුණු ජාතික මට්ටමෙන් ඉටුකරවා ගැනීමට අවශ්‍ය දායකත්වය හැකි පමනින් ලබාදිය යුතු බවත් රාජපක්ෂ මහතා මතක් කොට දුන්නේය.

Related posts

සංචාරක නියෝජිතයන් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කරයි

colombotoday

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

Admin

වසර මැද මූල්‍ය වාර්තාව ගැන විවාදය හෙට

Admin

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

colombotoday

බූස්සසේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

colombotoday

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

colombotoday