Colombo Today Local News

ස්වාධීන රතන හිමි භාර ගන්න හෙළ උරුමය සූදානම්.. හැබැයි එක කොන්දේසියක් !!

අතුරලියේ රතන හිමියන් යළි පක්ෂයට එකතු කරගැනීමට සූදානම් බවත්, ඒ සදහා තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ඒ හිමියන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවත් ජාතික හෙළ උරුමය පවසයි.

අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියන් මේ බව කියා සිටියේය.

පසුගිය මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 2ක් ජාතික හෙළ උරුමයට ලබාදෙන බවට එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුමකට එළඹුණු බවත්, ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අඩු බැවින් එක් මන්ත්‍රී ධූරයක් සඳහා එකඟවූ බවත්, රතනහිමියන්ට පක්ෂය විසින් ලබාදෙනු ලැබුවේ එකී මන්ත්‍රී ධූරය බවත් විමලසාර හිමියන් කියා සිටියේය.

එබැවින් එම මන්ත්‍රී ධූරය අයිති වන්නේ පක්ෂයට බවත්, ඒ අනුව රතනහිමියන්ට ස්වාධීනව ක්‍රියා කළ නොහැකි බවත්, එසේ ක්‍රියා කරන්නේ නම් මන්ත්‍රී ධූරය නැවත පක්ෂයට ලබාදී එසේ කළ යුතු බවත් , උන්වහන්සේ සඳහන් කළේය.

Related posts

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ අවුරුදු 15 සහ 16ක ළමුන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට

Admin

පොලොන්නරුවේ වි මිලදී ගැනීම අරඹයි

colombotoday

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin