Colombo Today Local News

ඉරණතිව් හි කොවිඩ් මළ සිරුරු භූමදානයට දූපත්වාසීන්ගේ විරෝධතාවයක්

කොරෝනා ආසාදිත මළ සිරුරු කිළිනොච්චිය ඉරනතිව් දූපතේ වළදැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම දූපත්වාසීන් අද (03) දිනයේ විරෝධතාවයක නිරත වීමට සැලසුම් කර තිබේ.

කොරෝනා ආසාදිත මෘත ශරීර වළ දැමීම සඳහා ඉරනතිව් දූපත හඳුනාගෙන ඇති බවට ඊයේ (02)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

ඊට විරෝධය පලකරමින් අද දිනයේදී ඉරණතිව් දූපත්වාසීන් විරෝධතාවක් සැලසුම් කර තිබේ.

ඉරණතිව් දූපතේ මේ වන විට පවුල් 108කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු වාසය කරන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තය යි.

යුද්ධයෙන් අනතුරුව 2017 වසරේ දී දුෂ්කරතා රැසක් හමුවේ එම දූපත්වාසීන් සිය ජීවිකාව සිදුකරමින් පවතී.

කෙසේවෙතත් මේ දක්වාත් දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු තම දූපතේ භූමදානය කිරීමට තමන් දැඩි විරෝධයක් දක්වන බව ඔවුන් පවසති.

Related posts

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

Admin

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මැයි 09 ගහපු අය ආරක්ෂා කරන්න ඕනි. – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

FCIDයට බයවෙන්න එපා.. මම බලාගන්නම් – රාජිත කියයි

colombotoday

මේ රටේ තියෙන්නේ භික්ෂු හමුදාවක් – ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday