Colombo Today Local News

නිදහස් දිනයට සමගාමීව සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

73 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් පෙබරවාරි මස පළමුවන දින සිට සතියක කාලයක් සියලු නිවෙස්, වෙළෙඳ ව්‍යාපාර, රජයේ සහ පෞද්ගලික කාර්යාල හා වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ මෙවර නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේ දී ඉතා අභිමානවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමට අමතරව රජයේ ආයතන පවත්වාගෙන යන සියලු ගොඩනැගිලි ලබන 3 සහ 4 යන දිනවලදී විදුලි අලෝකයෙන් අලංකරණය කරන ලෙස ද සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ 73 වන නිදහස් සැමරුම් උළෙල “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතය.

Related posts

සහන කටයුතුවල නිරත වී සිටි හිමිනමකට දේශපාලකයකුගෙන් මරණ තර්ජණ

colombotoday

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

colombotoday

කුරුවිටින් ව්‍යාජ මුදල් නෝට්ටු 57ක් සොයා ගනී

colombotoday

වයෝවෘද්ධ ටිකිරා ඇතින්න මහනුවර පෙරහැරට සම්බන්ධ කරගත් හේතුව කියයි

colombotoday

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday

කෝප් සහ කෝපා කමිටුවට නම් කළ සාමාජිකයින් මෙන්න

colombotoday