Colombo Today Local News

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම අධීක්ෂණයට විශේෂ නිලධාරියෙක්

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම සැළකිල්ලට ගෙන ගල් කොරිවලට ලබා දෙන පුපුරණ ද්‍රව්‍ය නිසි පරිදි භාවිතා කිරීම හා ගල්කොරි අධීක්ෂණයට විශ්‍රාමික හමුදා නිලධාරියෙක් පත්කිරීමට තීරණය කර තිබේ.

එම නිලධාරියා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුයුක්තව පත්කිරීමට නියමිතය.

මේ අතර, දිනකට කැඩිය හැකි කළුගල් ප්‍රමාණය අනුව වෙඩි බෙහෙත් නිකුත් කෙරෙන අතර මාවනැල්ලේ ගල් කොරියක තිබු පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීමත් සමග ඒවා වෙනත් බාහිර පාර්ශ්වයක් වෙත කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සඳහා ලබාදුන්නේද යන්න කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රටේ සියලු ගල්කොරිවල කටයුතු විදිමත් පරිදි අධීක්ෂණය සඳහා පියවර ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

කළු ගලක් කැණීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් ලබාදීමෙන් පසු පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඒ සම්බන්ධ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකෙරේ.

Related posts

පාර්ලිමේන්තු නිල නිවාසය රන්ජන් ගණිකා මඩමක් කරගෙන.. හඩපට වලින් හෙළිවේ !

colombotoday

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

පාස්පෝට් ඡායාරූප ශාලාවේ මෘදුකාංගය 95% ක් අක්‍රීය වෙලා

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

Admin

බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක ඇතුළු 6කට නොතීසි

colombotoday