Colombo Today Local News

මහ වැස්සේ කාණුවට වැටුණු තිදරු මවක් මරු දකී

මහනුවරට පෙරේදා (28)දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මහයියාව පූර්ණවත්ත ප්‍රදේශයේ ජල කානුවකට වැටී ගසාගෙන ගිය තිදරු මවක් මරණයට පත්ව තිබේ.

පූර්ණවත්තේ පිහිටි තම නිවෙස ඉදිරිපිට කානුවේ පොලිතින් ඇතුළු කසළ සිර වී එය පිටාර ගැලීම නිසා අදාළ කාන්තාව ඒවා ඉවත් කිරීමට යෑමේදී කානුවට වැටී ජලපහරත් සමඟ ගසාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

ජලපහරට අසුවී ගසාගෙන ගිය කාන්තාව බේරා ගැනීමට ගිය ඇගේ සැමියාද කානුවට ඇද වැටී ජලයේ ගසාගෙන ගොස් තිබෙන බවත් ඔහු අතරමඟදී කානුව හරහා වැටී ඇති නළයක් අල්ලාගෙන දිවිබේරාගෙන තිබෙන බවත් වාර්තා වේ.

ජලපහරේ ගසාගෙන ගිය කාන්තාවගේ මළසිරුර ඇගේ නිවෙසේ සිට කිලෝමීටරයක පමණ දුරින් මහයියාව බිංගෙය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

Related posts

බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට

colombotoday

“ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්වෙන්න හෝ අමාත්‍ය ධූරය අතහැරීමට සුදානම් නෑ “

colombotoday

මහ මැතිවරණය කොටස් වශයෙන්

colombotoday

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

colombotoday

ජනපති මෛත්‍රී අකිහිතෝ අධිරාජයා හමුවෙයි

colombotoday