Colombo Today Local NewsUncategorized

ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්

ආයතන සියයකට ආසන්න සංඛ්‍යාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි තුන් දහසකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) කමිටුව පවසයි.

මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය ආයතන විසින් ගෙවනු ලැබිය යුතු බදු සහ දඩ මුදල් බව එම කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

එසේම කැසිනෝ ආයතන ගෙවීම පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 267 කට වැඩි යැයිද එම කමිටුව සඳහන් කරයි.

මෙම හිඟ බදු මුදල් අය කර ගැනීම මන්දගාමීවීමට අධිකරණ කටයුතු පමාවීම පමණක් නොව නිලධාරීන්ගේ ක්‍රියාකලාපයද හේතු වන බව එම කමිටුව සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

මේ සම්බන්ධයෙන් කෝපා කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කැඳවා ප්‍රශ්න කර ඇත. එහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති හෙයින් ඔවුන් ඒ පිළිබඳව සුදුසු පියවර ගනු ඇති බවයි.

මෙම බදු හා දඩ මුදල් පියවීම සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සහිත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉන් අනතුරුව දැනුම්දී ඇත.

Related posts

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

අලුත් මහාධීකරණයක් හදා මහින්දට නඩු දානවා.. ප්‍රජා අයිතිය ජීවිතාන්තයටම අහෝසි කරනවා

colombotoday

ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 5ක් අවලංගු‍යි

Admin

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

colombotoday

දලඹු සේනාව ගැන මහින්දට සැකයක්…

colombotoday

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday