Colombo Today Local News

ප්‍රධාන පාම් ඔයිල් ආනයන සමාගම් දෙකක් කළ කෝටි 613ක පාඩුව

පාම් ඔලේන් නැමැති තෙල් වර්ගය මෙරටට ගෙන්වනු ලබන ප්‍රධාන පෙළේ පාම් ඔයිල් ආනයනය කරන සමාගම් දෙකක් නිවැරදි කාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංකයක් යටතේ නිෂ්කාශනය නොකිරීම නිසාවෙන් රජයට රුපියල් කෝටි 613ක පාඩුවක් සිදුවී ඇතැයි අනාවරණය වී තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ ඒ බව සඳහන් ය.

එම අලාභය 2013 වසරේ සිටම අය කරගත විය යුතු බව විගණකාධිපතිවරයා දැනුම් දී තිබෙන බව කෝපා කමිටුව සඳහන් කරයි.

මේ අනුව අභියාචනා ඉදිරිපත් කිරීමේ අයිතියක් අදාළ සමාගම්වලට නොමැති බවත් ආනයන කරුවන් එම මුදල වහා ගෙවිය යුතු බවත් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ අනුව එම යෝජනාව බදු අභියාචනා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියෝග කර තිබේ.

කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

Related posts

පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි කිරීමට කිසිවෙකුට ඉඩනොතබන බව ජනපති කියයි

colombotoday

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

රතන හිමිත් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි…

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් අපට හිරිහැර.. හින්දු සම්මේලනය ජනපති හමුවී කියයි

colombotoday