Colombo Today Sports News

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිට ගිය මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කගේ තරග තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

එංගලන්ත සංචාරයේදී විනය කඩ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට විශේෂ පංච පුද්ගල විනය කමිටුව පනවූ දඩුවම සංශෝධනය කරමින් ක්‍රිකට් තහනම වසරකින් අඩු කර දඩය ලක්‍ෂ 50 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළේය.

විනය කමිටුව පැනවූ ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ දඩය රුපියල් කෝටිය (ලක්‍ෂ 100 ක) බැගින් ලෙස ඉහළ දමා ඇති අතර වසර දෙකක තහනම වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් ද, මාස හයක දේශීය තරග තහනමක් ද ලෙස සංශෝධනය කර තිබේ.

මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනම අවසන් වූ පසු වසර දෙකක අත්හිටුවූ තහනමක් ක්‍රියාත්මක වන අතර එය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලපෑමක් නොකරයි.

වරදකරුවන් වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන මනෝවෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු විය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ එම ක්‍රීඩකයන් තිදෙනාගේ ක්‍රිකට් දිවිය පිළිබඳව අවදානය යොමු කරමින් ක්‍රිකට් තහනම පමණක් අඩු කිරීමට පියවර ගත් බවයි.

Related posts

මාලිංගට IPL තරග රැසක් අහිමි වීමට යයි

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය අද

Admin

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

බෝලය බැට් එකේ වද්දවා ගැනීමේ දැඩි උත්සාහයක. – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලොවක් සිනාසෙයි

colombotoday

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin