Colombo Today Local News

දරුවන් සසුනට පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රැකියාවක්

ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියාවක් දීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් එම රැකියා ලබාදෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

දෙමාපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේට ශාසනික මෙහෙවර ඉටුකිරීම අපහසු වී ඇති බැවින් මෙම තීරණය ගත් බවද ජනාධිපතිවරයා කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ අද (3)දින පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනට එක්වෙමිනි.

Related posts

සුදු වෑන් නැතිව පාතාලය මර්ධනය කරනවා – පොලිස්පති

colombotoday

කැබිතිගොල්ලෑවේදී පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට 13ක් රිමාන්ඩ්

Admin

2019 ජනාධිපති අපේක්ෂකයා මගේ සහෝදරයා විය හැකියි – හිටපු ජනපති මහින්ද පවසයි

colombotoday

මූල්‍ය අර්බුධය උග්‍රයි.. යහපාලනය දැන් තිත්තයි !

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

අන්තිම මොහොතේ ප්‍රභාකරන් බේරාගැනීමට ඉන්දීයාව කල උත්සාහයක් ගැන හෙළිදරව්වක්…

colombotoday