Covid 19

කොවිඩ් ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්

කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක් මෙරට මහාචාර්ය නීලිකා මලවිගේද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

කොවිඩ් වෛරස් ප්‍රතිදේහ පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදු කරනු ලබන අතර එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බව පර්යේෂකයින් පවසයි.

මෙම පර්යේෂණය සඳහා නියැඳි 3000ට වඩා පරීක්ෂා කළ බව විශේෂඥ කණ්ඩායමට මෙරටින් එක්වූ මහාචාර්ය නිලීකා මලවිගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මූලික අත්හදා බැලීම් වලදි ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වූ මෙම පරීක්ෂණය සාර්ථකව ප්‍රතිදේහ ජනනය කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා භාවිත කිරීමට හැකි බව පර්යේෂකයින් පවසයි.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 536ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 518ක්

colombotoday

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 257ක් වාර්තා වෙයි.

colombotoday

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

colombotoday