Colombo Today Local News

බලහත්කාරයෙන් නිවසට කඩාවැදුණු පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට

දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවසේ දේපළවලට රුපියල් ලක්ෂ තුන හමාරකට වඩා වැඩි අලාභයක් අනර්ථයක් සිදු කළේ යැයි චෝදනා මත දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන අනුර බණ්ඩාර මහතා බව පොලීසිය කියයි.

කාලයක් තිස්සේ දෙපිරිසක් අතර පවතින පුද්ගලික ගැටුමක් මත නාගරික මන්ත්‍රීවරයා රාත්‍රී කාලයේ මෙම නිවසකට ඇතුළු වී එහි තිබූ ආරක්ෂිත කැමරා පද්ධති කඩා දමා වාහන වලට පහර දී අලාභ හානි සිදුකරමින් සිටින බව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල නාගරික මන්ත්‍රීවරයා වාහන වලට පහර දීම සහ එම නිවසට පහර දීම ආදී ඔහු හැසිරෙන ආකාරය පිළිබඳව ඔවුන්ගේ සීසීටීවී කැමරාවල සටහන් ව ඇති දත්ත සියල්ල පැමිණිලිකරුවන් විසින් පොලීසියට භාර දී තිබේ.මීට පෙරද මෙම දෙපිරස අතර ගැටුම් ඇතිවී ඇති බවත් පොලිසිය කියයි.

සැකකාර නාගරික මන්ත්‍රීවරයාව අද(31) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.

Related posts

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

colombotoday

ගුරුවරුන්ටත් තිත්ත බෙහෙත්.. උත්සව අත්තිකාරම කපලා

colombotoday

නව ජනපති දිවුරුම් දීම අද

colombotoday

එන්නත් නොවිදා කාඩ්පත් ලකුණු කරගත් 4 ක් අත්අඩංගුවට

colombotoday

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්

colombotoday

අධිකරණ අපහාස නඩුව විභාගයට ගනිද්දී රන්ජන් රාමනායක උසස්පෙළ ලියන්න ගිහින්.

colombotoday