Colombo Today Local News

ඉන්ධන මිල ඉහළනැංවීමට යෝජනාවක්

ලෝක වෙළඳපල තුළ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ වැයවන පිරිවැයට සාපේක්‍ෂව ඉන්ධන මිල ඉහළනැංවීමක් කළ යුතු බවට තමන් රජයට යෝජනා කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ මහතා පවසයි.

මේ වන විට සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 128 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පාඩුවක් සිදුවන බව කී සභාපතිවරයා ඉන්ධන මිල සංශෝධනය කිරීමේ බලය සංස්ථාවට පමණක් තිබුණේ නම් අනිවාර්යයෙන් මිල වැඩිකිරීමක් කරන බව සඳහන් කරයි.

වර්තමානයේ පවතින මිල ගණන් අනුව මේ සඳහා වැයවන වියදම රජයට දැරීමට හැකි වේ යැයි තමා නොසිතන බව පවසන සභාපතිවරයා මෙම මිල ගණන් සම්බන්ධයෙන් කල්පනා කර බැලීමට සිදුවන බව ද සදහන් කරයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ ‘බලශක්තිය රටට ශක්තියක්’ තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (10)දින පැවති මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය

colombotoday

හමුදාපතිට ඇමරිකාවෙන් පැනවූ තහනම අපි අගය කරනවා – TNA

colombotoday

බයිබලෙන් ගැහුවේ නෑ. එජාපයේ මඩ ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ජොන්ටන් කියයි

colombotoday

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday