
මහජන උපයෝගිතා කොමිසම අද දිනයේත් විදුලිය කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.
ඒ අනුව P, Q, R, S ,T, U, V, W, ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට සවස 5 සිට රාත්‍රි 9 අතර කාල සීමාව තුළ පැයක් විදුලි කප්පාදුව සිදු කරනු ඇති.
මීට අමතරව A, B, C, D, E, F, G, H, I, J, K, L ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට අදියර දෙකක් යටතේ විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
ඒ අනුව පෙරවරු 8 සිට සවස 6 අතර පැය දෙක හමාරක් සහ සවස 6 සිට රාත්‍රි 11 දක්වා පැයයි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
අද විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය පිළිබඳ විස්තරය මෙතැනින්…
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com