Colombo Today Local News

වෘත්තිය සමිති රැසක රජයේ විධායක නිලධාරීන් සංඛේත වර්ජනයක්

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් දීපව්‍යාප්ත හා සමාන්තර සේවාවල වෘත්තිය සමිති රැසක් අද සංකේත වැඩවර්ජනයක නිරත වේ.

ඒ වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝෙණය කරමින් තෝරාගත් සේවාවන් කිහිපයක් සඳහා පමණක් වැටුප් හා දීමනා ලබාදීම, උසස්වීම් ක්‍රමවේදයේ විෂමතා ඇතුළු ගැටලු කිහිපයකට වහා විසඳුම් ලබා දෙන්නැයි, බල කරමිනි.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය , රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , දේශීය ආදායම් වෘත්තිය සංගම් එකමුතුව , කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමය සහ අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගම් එකමුතුව ඇතුළු වෘත්තිය සමිති 17 ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටී.

මේ අතර අද උදෑසන 10 ට කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.

Related posts

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

colombotoday

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන160ක්

colombotoday

පුංචි ජන්දෙට අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි නොවෙයි.

Admin

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

සංචාරකයින් රැගත් ස්විස් ගුවන් යානයක් කටුනායකට

colombotoday