Colombo Today Local News

ඖෂධ මිල සියයට 29 කින් ඉහළ දැමීමට අවසර

ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට මිල පාලන කමිටුව අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (11)දින පැවසීය.

ඇතැම් ඖෂධ ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට මුදල් අමාත්‍යාංශය අවශ්‍ය පහසුකම් සලසාදී ඇතැයිද ඔහු කීය.

රටේ ඖෂධ හිඟයක් කෘතිමව ඇතිවුණේ ඖෂධ මිල වැඩිවේ යැයි සිතා ඇතැම් අලෙවිකරුවන් ඖෂධ රඳවාගෙන සිටීම නිසා යැයිද ඔහු සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ඖෂධ මිල කිසිම අයකුට හිතුවක්කාරි ලෙස පාලනය කළ නොහැකි බව සඳහන් කළ චන්න ජයසුමන මහතා ආනයනකරුවන් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවද කීය.

රජයේ ගබඩාවල මාස හයකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවත් රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැති බවත් ඔහු සදහන් කළේය.

Related posts

මුස්ලිම් පල්ලි තුල සිදු කෙරෙන සමූහ සත්ව ඝාතන වකුෆ් සභාව විසින් තහනම් කරයි.

colombotoday

දිවුරුම් දීමට රනිල් එයි… ජනපති තාම නෑ…

colombotoday

උදයංග වීරතුංගට ඇප

colombotoday

බිලියන 15 කට අධික බදු අදායමක් අහිමි වූ සීනි වංචාව ගැන තවත් පැමිණිලි 2ක් අල්ලස් කොමිසමට

colombotoday

දරුවන්ගේ රියැලිටි ෂෝ වලට ළමාරක්ෂක අධිකාරියෙන් වැටක්…

colombotoday

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් අතහරී… මහින්ද එන ඡන්දයේදී ස්වාධීන වෙයි

colombotoday