Colombo Today Local News

ඇඳිරිනීතිය බල්ලට දා රේස් පදිමින් පොලිසියට වෙට්ටු දැමූ පිරිසක් අල්ලයි

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී මාර්ගයක යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවන කරමින් සංදර්ශන පවත්වමින් සිටි තරුණයින් පිරිසක් පසුගිය (12)වන දා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කෙරවලපිටිය විදුලිබලාගාරය ඉදිරිපිට ඇති මාර්ගයේදීය.

පසුව වත්තල පොලීසිය විසින් අදාළ පිරිසෙන් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී යතුරුපැදි සහ ත්‍රීරෝද රථ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර අනෙක් පිරිස විදුලිබලාගාරය ඉදිරිපිට ඇති තහනම් ප්‍රදේශට ඇතුළු වී එම ප්‍රදේශයෙන්ද පලා ගොස් තිබේ.

පලා ගිය පිරිස අතර වැල්ලම්පිටිය, ග්‍රෑන්පාස්, කොලොන්නාව,දෙමටගොඩ, මාලිගාවත්ත ප්‍රදේශ වල පිරිසක්ද වේ.

Related posts

රණවිරු සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව

colombotoday

හම්බන්තොට සදළුගම මුස්ලිම් ගම්මානයේ පිරිසක් යුවලකට පහර දෙති. ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

colombotoday

කොළඹ ප්‍රදේශ දෙකකට හෙට සහ අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

colombotoday

ඊළම දකුණු පළාත දක්වා දිගුවෙයි.. කොටි සමරන්න අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලයි

colombotoday

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

colombotoday

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

colombotoday