Colombo Today Local News

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

කාන්තාවක් අටමස් බිලිදා යාබද නිවස ඉදිරිපිට මිදුලේ ගසක් යට තබා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදී තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.

අත්අඩංගුවට සියලුම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු වන බව පොලිසිය පවසයි.

පිරිස බූරු ගසමින් සිටි ස්ථානයේ තිබී රුපියල් 240 ක මුදලක් සහ බූරු කුට්ටමක් පොලිස් භාරයට ගෙන ඇත.

මිල්ලනිය, මානාන ,කටුගහ දෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට පිරිසක් බූරු ගසමින් සිටින බවට මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේතුංග මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත.

පොලිස් නිලධාරීන් එම නිවස වටලන අවස්ථාවේ දී එහි සිටි කාන්තාවන් තිදෙනා ඇතුළු පිරිමි පුද්ගලයා නිවසින් පිටතට පලාගොස් හිස් ලූ ලූ අත වැට මායින් ද කඩාගෙන දිව යන්නට වූ අතර පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා එම පිරිස අත්අඩංගුවට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පවසයි.

සැකකාරියන් තිදෙනා සහ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුව ආවරණ පැළඳ නොසිටි බව පොලිසිය ද කියයි.

සැකකාරියන් සහ සැකකරු පොලිසි වෙත ගෙන ඒම සඳහා ජීප් රථය අසලට රැගෙන යන අවස්ථා ද එක් සැකකාරියක්” අනේ සර් මගේ චූටි පුතා” යැයි පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ විමසිලිමත් වීමේ දී යාබද නිවසේ මිදුලේ ගසක් යට තබා සිටි බිලිදා දැකගත හැකිවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් ට එරෙහිව මුදල් ඔට්ටුවට බූරු ගැසීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ නඩු පැවරීමට නියමිතය.

පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේතුංග පොලිස් පරීක්ෂක සංජීව පොලිස් කොස්තාපල්වරුන් වන 71332 ශාන්ත ,ජනිත් හා ප්‍රදීප් මහත්වරු වැටලීම සිදුකළහ.

Related posts

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

colombotoday

වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටි

colombotoday

සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුට

Admin

නව අමාත්‍ය මණ්ඩලය 14 වෙනිදා දිවුරුම් දෙයි- මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

colombotoday