Colombo Today Local News

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ එම පුද්ගලයා නයිජිරියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙකු බවයි.

ගුවන්තොටුපොළේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී මේ තත්ත්වය අනාවරණය වූ බව​ට වාර්තා වෙයි.

මෙම ප්‍රභේදය මුලින්ම සොයා ගැනුණේ දකුණු අප්‍රිකාවෙනි.

වෛරසය ඉතා වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පැවසු අතර මේ වනවිට රටවල් 24කටද ව්‍යාප්ත වී තිබේ.

Related posts

කෘෂිකර්මයෙන් කුළියට ගත් සිනමා නිලියගේ බිල්ඩිමට තවත් කෝටි 26ක් බිලි !

colombotoday

විපක්ෂයට යන්න ලෑස්ති වෙලා තමයි පක්ෂව අත ඉස්සුවේ.. මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනවා – ඇමති චන්දිම

colombotoday

ශ්‍රී පාදයේ හෝටලය තහනම්කලේ තාවකාලිකවයි.. අවසර ඉල්ලුවොත් දෙනවා – පරිසර අධිකාරිය කියයි

colombotoday

එක රැයකින් මේ ආණ්ඩුව වෙනස් කරන්න අපට පුලුවන් – සුමන්තිරන්

colombotoday

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර යවයි

Admin

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්

Admin