Colombo Today Local News

ආගමික අන්තවාදීන් පාසලත් බිලිගනී.. බොදුජන පෙරමුණෙන් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි

පාසල් දරුවන් නොමග යවමින්, අන්වාදී ආගමික කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් හෙළිදරව්වී ඇති කරුණු පිළිබදව වහාම සොයා බලා නිසි පියවර ගන්නා ලෙස බොදුජන පෙරමුණ අධ්‍යාපන ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.

බොදු ජන පෙරමුණෙ සභාපති කථිකාචාර්ය දිලන්ත විතානගෙ මහතා විසින් යොමුකල එම ලිපිය පහත දැක්වේ.

2017 මාර්තු 15

ලේකම්
අධ්‍යාපන අමාත්‍යංශය
ඉසුරුපාය
බත්තරමුල්ල

පාසල් පද්ධතිය අන්තවාදී ආගමික කටයුතුවලට මෙන්ම සදාචාර නොවන ආගම් ප්‍රචාරයට යොදාගැනීම

උක්ත කරුණ පිළිබඳව අප අප මෙන්ම විවිධ සංවිධාන විවිධ අවස්ථාවල රටට කරුණු ඉදිරිපත් කර ඇත. පාසල යන වයසේ පසුවන දරුවන් බියට පත් කරමින් නොමග යවමින් මෙලෙස අන්තවාදී ආගමික කටයුතුවලට යොදා ගැනීම පිලිබදව මෙන්ම සදාචාර නොවන ආගම් ප්‍රචාරයට යොදාගැනීම මෙන්ම අනයාගමීකරණයට ලක් කිරීම පිලිබඳ තොරතුරු විටින් විට අප වෙත වාර්තා වෙමින් පවතී. මෙම තත්වය තුල විවිධ ප්‍රදේශවල සමාජ ගැටුම් නිර්මාණය වන අවස්ථා ද වාර්තා වේ.

පසුගියදා කලම්බුටුඩේ වෙබ් ප්‍රවෘත්ති අඩවිය වාර්තා කල අන්දමට ජාතික පාසලක් වන දෙහිවල ප්‍රෙස්බෙටීරියන් විදුහලේ දරුවන් මෙම කල්ලි වල ඉලක්කයය වී ඇත. “දෙහිවල ප්‍රෙස්බිටිරියන් ජාතික පාසලේ බෞද්ධ සිසුවියන් 9ක් යොහෝවාගේ කල්ලිය බිලිගනී” නමින් වූ එම ප්‍රවෘත්තිය (මුලාශ්‍රය https://colombotoday.com/3456/) මෙලෙස කරුණු ඉදිරිපත් කර ඇත.

දෙහිවල පිහිටි ප්‍රෙස්බිටිරියන් ජාතික පාසලේ 11 වන වසරේ ඉගෙනුම ලැබූ බෞද්ධ සිසුවියන් 9 දෙනෙකු පමණ අන්තගාමී “යොහෝවාගේ සාක්ෂිකරුවෝ” විසින් බලපෑම් එල්ල කර තම ආගම වෙත බදවාගෙන තිබෙනවා.

මෙලෙස පාසලේ සිසුවියන්ගේ ආගම වෙනස් කිරීම සදහා මුලිකත්වය ගෙන තිබෙන්නේ එම පාසලේම ඉගනුම ලබන ශිෂ්‍යාවකගේ මවක් බවයි සැලකෙන්නේ.

පළමුව එක් ශිෂ්‍යාවක් “යොහෝවාගේ” කණ්ඩායම වෙත බදවාගන ඇති අදාළ මව ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍යාවන් 9 දෙනෙකු බෞද්ධත්වයෙන් ඈත් කොට භික්ෂුන් වහන්සේලාට පරුෂ වචනයෙන් අමතන තත්වය දක්වා වෙනස්කිරීමට මානසිකව බලපෑම් එල්ල කර ඇත.

මෙලෙස ආගම වෙනස් කිරීම සදහා මෙම කණ්ඩායමෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවූ එක් ශිෂ්‍යාවක් වැඩිහිටියන් වෙත දැනුම් දීමෙන් අනතුරුව සිසුවියන්ගේ දෙමාපියන් විසින් විදුහල්පති වෙත පැමිණිලි කර ඇති අතර අද(14) උදැස්සන විශේෂ රැස්වීමක් පවත්වා ඇත.

පාසලට අපකීර්තියක් සිදුවේවි යන අනියත බිය හේතුවෙන් අදාල සිදුවීම පිලිබදව බලධාරීන් දැනුවත් කිරීමට විදුහලේ වගකිවයුත්තන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත

මෙම සිද්ධියට එහා ගිය භයානක තත්ව අප වෙත වාර්තා වී ඇති අතර එය රටේ සාමයට මෙන්ම යහ පැවැත්මට හානිදායක බව අපගේ මතයයි.

එබැවින්

1. මේ පිලිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.
2. මෙවැනි තත්වයන් ඉදිරියෙදී වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
3. උක්ත මාතෘකාව වන “පාසල් පද්ධතිය අන්තවාදී ආගමික කටයුතුවලට මෙන්ම සදාචාර නොවන ආගම් ප්‍රචාරයට යොදාගැනීම” පිලිබඳ සාකච්චා කිරීමට අප සංවිධානයට අවස්ථාවක් ලබා ගැනීම

ස්තුතියි

තෙරුවන් සරණයි

දිලන්ත විතානගේ
ලේකම් -බොදු ජන පෙරමුණ

පිටපත. : අධ්‍යාපන අමාත්‍යවරයා
: ජනාධිපති ලේකම්වරයා
: පොලිස්පතිවරයා

Related posts

ෆයිසර් එන්නත ගන්න අලුත් අවස්ථාවක්

colombotoday

Dialog සාමාගමෙන් තවත් අසාධාරණයක්. – පාරිභෝගිකයාගේ රැකියාව “මාධ්‍යවේදී” කීව සැනින් අසාධාරණය නිවැරදි කරයි.

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday

ජනතාව බදු බරින් මිරිකෙද්දී අගමැතිට කාර් දෙකක් ගන්න කෝටි 60ක් අරන්

colombotoday

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය කිරීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්

colombotoday