Colombo Today Local News

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

ආපදාවෙන් පීඩාවට පත් ගොවීන් සඳහා බෙදා දීමට ඉන්දියාවෙන් සහ ඉන්දුනීසියාවෙන් සහනාධාර ලෙස මෙරටට ලැබුණු සහල් කිලෝ පන්ලක්ෂ හැට දෙදහසකට සිදු වූයේ කුමක්දැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක ජවිපෙ වයඹ පළාත් සභා මන්ත්‍රි නාමල් කරුණාරත්න ප්‍රශ්න කරයි.
ආණ්ඩුව ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට පත් කර ඇති බවට මන්ත්‍රිවරයා චෝදනා කරයි.

පසුගිය කන්නයේ වගා හානි වූ වී සහ ගොඩ බෝග සඳහා රුපියල් 50,000ක වන්දියක් ඉල්ලා ගොවීන් පාරට බැස සිටිද්දී ආණ්ඩුව මසකට රුපියල් 10,000 බැගින් මාස 4කට රුපියල් 40,000ක් ලබා දීමට පොරොන්දු වුවත් මේ වන තෙක් එය ලැබී නොමැති බවද ඒ මහතා කීය.

Related posts

යාපනය උණුසුම්.. සරසවි සිසුන් A-9 පාර වසා උද්ඝෝෂණයේ

colombotoday

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

Admin

ඇඳිරිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

colombotoday

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

colombotoday