Colombo Today Local News

මෙවර ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති අබුඩාබි බලා පිටත් වෙයි

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

මෙවර ඉන්දීය සාගර සමුළුව අද සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇත.

“පරිසරය, ආර්ථිකය, වසංගතය”මෙවර සමුළුවේ තේමාව වන අතර දේශගුණික විපර්යාස වල වර්ධනයත් සමඟ එම තර්ජනයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ඡාවට ලක්වනු ඇති.

හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද මෙවර සමුළුව සදහා සහභාගී වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා ද වෙයි.

Related posts

සතොස භාණ්ඩ 10ක මිල පහළට

Admin

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

colombotoday

කොළොන්නාවේ නිවසකින් කේරළ ගංජා කිලෝ 129ක් සොයාගනී

colombotoday

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

Admin

බුස්සේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

colombotoday

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday