Colombo Today Local News

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 39ක් අල්ලයි

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග තරුණයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණුපොතින් හඳුනාගත් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව
පොලීසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන මටට්ක්කුලිය, ගනේමුල්ල, මීගමුව, අනුරාධපුර, වත්තල, මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 110 , හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්, ගංජා ග්‍රෑම් 27 ක් හා මත්පෙති 15 ක් සොයගෙන ඇත.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම. | නඩුව අසා නිමවනතෙක් රිෂාඩ් බදියුදීන් ඇතුලට

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන උවමනාවට මෙහෙයවූ ශානි අබේසේකර ඉවතට

colombotoday

සජිත්ගෙන් ජාතික රූපවාහිනියට මිලියන 150ක පොල්ලක් !

colombotoday

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday

කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් දිවයිනට එවයි

Admin