Colombo Today Local News

මන්නාරමේ නිවසකින් කෝටි 2 ක අයිස් මතුවෙයි

මන්නාරම පේසාලෙයි ජූඩ් වීදිය ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂමව සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පේසාලෙයි පොලීසිය පවසයි.

පේසාලෙයි පොලිස් නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (14) රාත්‍රී පේසාලෙයි ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කොට ඇති අතර එහිදී නිවසේ සඟවා තිබූ අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබූ අතර නිවසේ සිටි 30 හැවිරිදි පුද්ගලයෙකුද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් විකිණීම සඳහා සූදානම් කොට තිබූ බවටද පොලීසිය අනාවරණය කොට ගෙන ඇත.

සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සමගින් අත්අඩංගුවට ගත් පුද්ගලයා අද මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන පේසාලෙයි පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday

නාමල් ගෙන්වා ප්‍රශ්න කරන්න.. ඕන නම් අත්අඩංගුවට ගන්න.. නීතිපති FCIDයට නිර්දේශ කරයි

colombotoday

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි | සුභ පතමින් රටපුරා බැනර්

colombotoday

අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

colombotoday