Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය හෙට සිට යළි අරඹයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන් විසින් අත්හිටවූ අරගලය හෙට (02)දින සිට යළි ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවූ ඉල්ලීම් පිළිබඳ ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වනතෙක් සම්මේලනය දැනුවත් කර නොමැති බවයි.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය මාර්තු 2 සහ 3 දිනයන්හීදි දිවයිනේ සියළු රෝහල් හී පැවැත්වෙන අතර හදිසි හා අත්‍යාවශ්‍ය ඉල්ලීම් ලැබෙන පරිදි සේවාව ලබාදීමට කටයුතු කරනු ලැබේ.

අත්‍යවශ්‍ය ප්‍රතිකාර පිළිබදව සැලකිල්ලට ගනිමින් සියළු ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ද, බෝවන රෝග විද්‍යාතනය – අංගොඩ, මානසික සෞඛ්‍ය විද්‍යාතනය – අංගොඩ, මධ්‍යම ලේ බැංකුව තුල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකිරීමටද සම්මේලනය තීරණය කොට ඇත.

Related posts

වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරු දෙකක්

colombotoday

සජිත් එජාප 71වැනි සම්මේලනය අමතද්දි පාක්ෂිකයෝ ගෙදර ගිහින්

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

කසුන් කල්හාර සිස්ටම් එක චේන්ජ් කරන්න කලින් මලකඩ කාපු ඇඳක් උඩ මරණය එනකල් බලං ඉන්න තාත්තාව බලපන්

colombotoday