Colombo Today Local News

බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අනතුරේ.. ආරක්ෂාව ඉල්ලුවත් පොලිස්පතිගෙන් ප්‍රතිචාර නෑ

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විමර්ශනයක යෙදෙන ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපතිවරයා වශයෙන් කොමිසම පැවැත්වෙන දිනවල දී ආරක්ෂාව සඳහා ‍පොලිස් කණ්ඩායමක් යොදවන ලෙසට ‍පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ ද අවම වශයෙන් ‍පොලිස්පතිවරයා මතෛක් ප්‍රතිචාරයක් හෝ දක්වා නැතැයි කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ඩී. චිත්‍රසිරි මහතා ඊයේ (27) කොමිසමේ විවෘත සාක්ෂි විභාගය පැවැත්වෙන අතර ප්‍රකාශ කර සිටියේය.

එය බරපතළ තත්ත්වයක් බවත් බරපතළ මූල්‍ය අපරාධයක් සිදුව ඇති බවට ඉදිරිපත්ව ඇති කරුණු සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා කොමිසම හමුවට පැමිණෙන නිලධාරීන්ගේ ආරක්ෂාව සැලසීමේ වගකීම කොමිසම වෙත පැවරී ඇති බවත් ‍පොලිස්පතිවරයාගේ හැසිරීම ඒ අනුව ප්‍රශ්නගත බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ජනශුන්‍ය හුදෙකලා ස්ථානයක පැවැත්වෙන ජනාධිපති කොමිෂන් සභා සාක්ෂි විභාගය සඳහා පැමිණීමේ දී හා ආපසු යාමේ දී යම් සිද්ධියක් වුවහොත් එය ඉතාමත්ම බරපතළ තත්ත්වයක් බව අමතක නොකළ යුතු බව ද සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

ලිංගික අඩන්තේට්ටම් යටතේ පූජිතට තවත් නඩුවක් – උප පොලිස් පරීක්ෂකවරියකට තර්ජනය කරලා

colombotoday

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

පල්ලියේ ලෙබ්බේ දුෂණය කළ මුස්ලිම් කාන්තාවකගේ පාපොච්චාරණය

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මව පුතා දුන් තොරතුරකින් අත්අඩංගුවට

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin