Colombo Today Local News

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි අවදානම සලකා ලේ පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ පැවැසුවේ පවතින සංචරණ සීමා සමග ලේ රැස් කිරීම සඳහා ජංගම සායන පැවැත්වීම පුද්ගල කණ්ඩායම් රැස් කිරීම අවදානම් බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් ලේ රැස් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවයි.

පිළිකා රෝගීන්, තැලසීමියා, ලියුකේමියා රෝගීන්, හදිසි අනතුරුවලින් බරපතළ තුවාල ලබන රෝගීන්, හදිසි ශල්‍ය කර්ම සඳහා යොමු කෙරෙන රෝගීන්, දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවුවරුන් සඳහා නොඅඩුව ලේ සැපයීමට ලේ රැස් කර ගතයුතු බව අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

ගැබිනි මව්වරුන් දහසක් පමණ මාසිකව දරු ප්‍රසූතියේදී ලේ වහනය වන බැවින් ලේ අවශ්‍යතාව පූර්ව සූදානම් කර තබා ගතයුතු බවද පැවැසූ ඔහු ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ලේ හිඟය ගෙවුණු සති අන්තයේදී පරිත්‍යාගශීලීන් එක්ව හිඟය පියවා තිබෙන බව පැවැසීය.

දිවයින පුරා ලේ ඒකරාශී කිරීමේ මධ්‍යස්ථාන 87ක් පවත්වාගෙන යන බව කී වෛද්‍ය ලක්ෂමන් එදිරිසිංහ ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ ක්‍ෂණික දුරකථන ඇමතුම අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගෙන ලේ පරිත්‍යාග කිරීමට එක්වන ලෙසත් පවතින කොවිඩ් අවදානම සලකා සෞඛ්‍යාරක්‍ෂිතව ලේ පරිත්‍යග කිරීමට අවස්ථාව සකසා තිබෙන බවත් සඳහන් කළේය.

Related posts

රණවිරුවන් හිරකරන්න සාක්ෂිදුන් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ

colombotoday

රවීගේ කැබිනට් පත්‍රිකාවෙන් රජයට පාඩුව කෝටි 1500යි.. FCID පරීක්ෂණ නෑ…

colombotoday

ඥානසාර හිමිත් වරායේ සටනට – ආණ්ඩුවට කන් ඇරෙන්න දෙසයි

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday

චීන වෛරය වපුරා අගමැති වූ රනිල්ට දැන් චීනය ළග දණින් වැටෙන්න වෙලා

colombotoday