Colombo Today Local News

කැබිනට් මණ්ඩලයේ විසදුම් ගුරු වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කරයි.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු තම ඉල්ලීම් සඳහා කැබිනට් මණ්ඩලය දුන් විසඳුම් ප්‍රතික්ෂේප කරන බව ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ගුරු – විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලූ අමාත්‍ය අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, සැප්තැම්බර් හා ඔක්තොම්බර් මාසවල රාජකාරියේ නිරත ගුරු සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීමට නියමිතය.

ගුරු සේවය, ගුරු උපදේශක සේවය, විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවාවන් ලෙස ලබන නොවැම්බර් මස 20 වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, වැටුප් සංශෝධන අයවැය යෝජනාවක් මගින් අදියරගතව ක්‍රියාත්මක කිරීමටත් ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

Related posts

කොල්ලුපිටිය හන්දියේ පිපිරීමක්…

colombotoday

“ආණ්ඩුව ෆේස්බුක් තහනම් කරන්න යනවා.. ෆේස්බුක් රැකගන්න එන්න” රනිල් තරුණයන්ට කියයි (Video)

colombotoday

පොහොට්ටුව දිනවන්න ඡන්දය දෙන්නැයි දිලාන් පෙරේරා කියයි !

colombotoday

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

colombotoday

ඡන්දයක් වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ එක්ව සටන් කරනවා

Admin

අද ඩොලරයේ වටිනාකම

Admin