Colombo Today Local News

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

නීතිවිරෝධී මත්පැන් මහපරිමාණයෙන් නිෂ්පාදනය කළ නිවසක් වැටලීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අද (31) සමත්වී ඇත.

ඒ අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදීය.

සැකකරු එළවළු අලෙවි කරන මුවාවෙන් මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබේ.

එහිදී 55 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර සැකකරු විසින් විවිධ ප්‍රදේශවලට මත්පැන් තොග වශයෙන් බෙදාහැර ඇති බව අනාවරණය වී ඇත.

වැටලීමේදී ගෝඩා ලීටර් 7,000ක්, නීතිවිරෝධී මත්පැන් ලීටර් 450ක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අසල්වැසියන්ට සැක නොසිතෙන ආකාරයෙන් නිවස පිටුපස එලෙස මත්පැන් නිෂ්පාදනය කිරීමට සැකකරු විසින් විශේෂ උපකරණයක් නිෂ්පාදනය කර තිබූ බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

Related posts

පාසල්, පන්සල් අසලම අරක්කු විකිණීමට රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

colombotoday

මියගිය සුනිල් පෙරේරාගේ බිරිඳට යළි කොවිඩ්

colombotoday

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

colombotoday

සිංහරාජයත් අනතුරේ! වන රක්ෂිතය වනසා ජලවිදුලි ව්‍යාපෘතියක් හදයි [Photo]

colombotoday

සුදා අත්අඩංගුවට

colombotoday